ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් Channel one සහ A Plus Kids TV

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 7 වැනි වරටත් සංවිධානය කළ “ජාතික කළමනාකරණ විශිෂ්ටතා 2024 සම්මාන ප්රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා.
ඒ කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රෙය් දී.
මෙම “ජාතික කළමනාකරණ විශිෂ්ටතා 2024“ සම්මාන ප්‍රදානෝත්සවයේ දී සම්මාන ද්විත්වයක් Channel one 24×7 සහ A Plus Kids TV නාලිකාව හිමි කර ගත්තා.
ඒ අනුව එම සම්මාන උලෙළේ දී ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය/ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය සඳහා වන සම්මානය Channel One නාලිකාවේ “හිතවත්කම” වැඩසටහනට හිමි වූ අතර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කළ සාර්ථකම මාධ්‍ය හා ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා වන සම්මානය A Plus Kids TV නාලිකාව ක්‍රියාත්මක කළ Little Communicator වැඩසටහනට එහිදී හිමිවුණා.
නාලිකා ද්විත්වයේ ප්‍රධානී කංචක අසේල ගාල්ලගේ මහතා සහ Channel one 24×7 සහ A Plus Kids TV නාලිකාවන්හි නිලධාරින් පිරිසක් මෙම සම්මාන ලබා ගැනිම සඳහා එක්ව සිටියා.