දේශීය
දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුර

කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ, කඩවත සහ කඩුවෙල අතර 16 වන කිලෝමීටර කණුව ආසන්නයේ අද (29) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ ආපදාවට ලක්ව මාර්ගයේ නවතා තිබූ ලොරියක තවත් ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර එකිනෙක ගැටුණු ලොරි රථ දෙකෙන් එකක් අනතුරෙන් මොහොතකට පසුව ගිනි ගත්තා.
මේ හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසල දැඩි රථවාහන තදබදයක් ද හටගත්තා.