දේශීය

හැකියාව තිබියදීත් වැටුප නොගෙවන වතු මට්ටු කරන්න නීතියක්

හැකියාව තිබියදීත් වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවන  ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණිස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ජීවන වියදම සහ මෑත කාලීනව රටේ පැන නැගී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් කෙරෙහි නිසි සැලකිල්ලක් යොමු කරමින් වතු කම්කරුවකු සඳහා දිනකට ගෙවිය යුතු වැටුප තක්සේරු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ට 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇති බව​යි රජය පවසන්නේ.

එමෙන්ම, එකී වැටුප ගෙවීම සඳහා එක් එක් ප්‍රාදේශීය වතු සමාගම් සතුව පවතින හැකියාව නිශ්චය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා ද එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබෙන​වා.

එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව හැකියාව තිබියදීත් වතු කම්කරැ වැටුප නොගෙවන වැවිලි සමාගම්වල බදු ගිවිසුම් අවලංගු කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button