දේශීය
අධිවේගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යට වේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පවසන්නේ, නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි.
ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයට කුඩා වාහන ඇතුළු කිරීමට නොහැකි අතර ලොරි පමණක් දිය මතින් ගමන් කළ හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.
එමෙන්ම ගාල්ල සහ කොළඹ දිසාවේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන ද වැලිපැන්න හුවමාරුවෙන් පිටවීමටද නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.