උසස් පෙළ පිළිතුරු පත් බලන්න සරසවි ඇදුරන් අද හෙට ම එනවා – ඇමති සුසිල්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අද ( 05) හෝ හෙට (06) ආරම්භ කරනු ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 04) පවසනවා.
වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන් ද අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෙයින් ගෙවල්වලින් ප්‍රශ්න මතු වන නිසා ඔවුන් තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවත් ආචාර්යවරුන්ට උපරිම දීමනා දීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළා.
අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට ම පැවැත්වීමට උපරිම උත්සහ දරන බවත් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කර අවසන් වූ වහාම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙන බවද ඇමතිවරයා මෙහි දී ප්‍රකාශ කළා.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට මේ වනවිට ගුරු සංගම් ද එකඟතාව පළ කර ඇති අතර ඔවුන්ගේ දීමනා ද උපරිම ලෙස වැඩිකර ඇතැයි ද ඊට රුපියල් මිලියන 425ක අතිරේක ප්‍රතිපාදනයක් මහ භාණ්ඩාගාරයෙන් ලබා දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා මෙම තොරතුරු අනාවරණය කළා.