මහින්ද, ලසන්ත සහ දුමින්දගේ තනතුරු අත්හිටුවන්න දුන් වාරණය දීර්ඝ කෙරේ

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම අමාත්‍යවරු විසින් ගොනුකළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
අදාළ පැමිණිලිවල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
කිසිදු සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා අදාළ අමාත්‍යවරු විසින් මෙම පැමිණිල්ල දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.
Related: