දේශීය

ශ්‍රී ලං​කා 20යි 20 කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ය​යි

20යි 20 ලෝක කුසලාන තරඟාවලි​ය​ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්ව ගියා.

එළඹෙන ජූනි 01 වැනිදා සිට ජූනි 29 වැනිදා දක්වා ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය​ට සහභාගි වීමේ ගමන ආරම්භ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සිය සුබ පැතුම් එක්කර සිටියා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ​තා හමු වූ අවස්ථාවේදියි.

නායක වනිදු හසරංග , උපනායක චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක , සදීර සමරවික්‍රම , ඇන්ජලෝ මැතිව්ස් ,කමිදු මෙන්ඩිස්, දසුන් ශානක ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංක ඇතුළු ශ්‍රී ලංකා සංචිතය අමෙරිකාව බලා පිටත්​ව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button