දේශීය
පාසලේ බක්මහ සැණකෙලිය ගුටි කෙලියක් වෙයි

පාසලක පැවති අලුත් අවුරුදු උත්සවයක සංගීත පුටු තරගයේ විනිශ්චය සම්බන්ධයෙන් දුන් තීරණයක් සම්බන්ධව ඇති වු බහින්බස් වීමක් මත මෙම ගැටුම හට ගෙන තිබෙනවා.
එහිදී 11 ශ්‍රේණියේ සිසුවෙකු විසින් 10 ශ්‍රේණියේ සිසුවෙකු හට පුටුවක් ඔසවා පහරදිමත් සමඟ තවත් සිසුන් කිහිපදෙනෙක්ද මෙම ගැටුමට එක් වි තිබෙන බවට වාර්තා වෙනවා.
පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ ගුරුවරියක් ගැටුම සමතයකට පත් කිරිමට මැදිහත් වී සිසුන් ගේ ප්‍රහාර එල්ල විම නිසා තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ගැටුමෙන් සිසුන් 4 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ගැටුම සමතයකට පත් කර අලුත් අවුරුදු උත්සවය අතරමග නතර කර දැමීමට උත්සව සංවිධායක කමිටුවට සිදුව තිබුණා.