දේශීය

බිත්තරයක මිල යළි​ත් ඉහළට

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා සඳහන් කළේ, බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් වන අතර සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විහිඳ යා හැකි බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button