ජනාධිපතිතුමා ජනතාව මුළා කරමින් ඉදිරිපත් කළේ සටකපට අයවැයක්

ජනාධිපතිවරයා විසින් ජනතාව මුළා කරමින් සටකපට අයවැයක් ඉදිරිපත් කර පාලකයන්ට දිව්‍ය ලෝකය පෙන්වා ජනතාවට අපාය පෙන්නූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
බුදුදහම පදනම් කර ගෙන අයවැය කතාව ආරම්භ කිරීමෙන් බුදුදහමට නිග්‍රහයක් සිදු කළ බවත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ පිදිය යුත්තන් පිදිය යුතු බව වුවත් වත්මන් ජනාධිපතිවරයා පිදිය යුත්තන් පුදන්නේ නැතිව අයවැය යෝජනා සකසා ඇති බවයි ඔහු සඳහන් කළේ.
ක්‍රියාවෙන් බාල කොට්ඨාසයක වරමක් ලබාගත් ජනාධිපතිවරයා I.M.F එකත් සමඟ අත්සන් කළ ගිවිසුමේ ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගත නොහැකි වීම නිසා දෙවැනි I.M.F වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක සිටිමින් සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, මෙම අයවැයෙන් වැඩකරන ජනතාවගේ ජීවිතය සහ ජීවනෝපාය ශක්තිමත් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරීමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ඉටු කළ හැකිවූවාද යන්න සිතා බැලිය යුතු බවත් එම අයවැය යෝජනාවේ ඇති කරුණු විශාල ප්‍රමාණයක් මේවන විටත් ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවයි.
ජීවන වියදම් දීමනාව රු.7000 සිට 17,000 දක්වා වැඩි කිරීම අයවැය යෝජනාවේ තිබුණත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7500 – 10000 දක්වා බවත් ඊට අමතරව අයවැය කතාවේ සමහර අංශ මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර මාධ්‍යයට ලබාදී ඇති අතර එමගින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය අභියෝගයට ලක් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.