දේශීය

තැපෑලත් අර්බුදයක

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් ලිපි බෙදා හැරීමට බාධා එල්ලවී තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් තැපැල්පති පී. සත්කුමාර් මහතා පවසන්නේ,තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දෛනි​ක ප්‍රමාදවීම් යටතේ, ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවන බවයි.

කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් ඇති බවද ඔහු සඳහන් කළා.

තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු සිය දෙපාර්තමේන්තුව සතු බවද තැපැල්පතිවරයා පවසනවා.

කෙසේවෙත​ත් බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ලවී ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button