දේශීය

ජනපති​ගේ ධුර කාලය සම්බන්ධ පෙත්සම සලකාබැලීම අද

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම අද (08) දිනයේදී සිදුකිරීමට නියමිතයි.

ඒ අනු​ව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරෙනු ඇති.

පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා නම් කෙරුණා.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙනතුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ව්‍යවසායකයෙකු වූ C.D ලෙනව මහතා විසින් පසුගිය බදාදා මෙම පෙත්සම ඉදිරිපත් කළා.

මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව උතසාහ දරන්නේ නම් ඊට එරෙහිව නීතිය ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button