දේශීය
අධිවේගී මාර්ගවල මුදල් අය කරන අලුත්ම ක්‍රමය

අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී මුදල් නෝට්ටු භාවිතයකින් තොරව ගෙවීම් සිදුකිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට මේ වන විට ආණ්ඩුවේ අවධානයන යොමුව තිබෙනවා.
ඒ අනුව LankaQR ක්‍රමය මගින් ගෙවීමේ කටයුතු සිදුකිරීමට පහසුකම් සැකසීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රජය විසින් මෙරට තුළ භෞතික මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ සහිතව LankaQR ගෙවීමේ ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.
ඒ අනුව එහි එක් පියවරක් වශයෙන් අධිවේගී මාර්ගවල ගෙවීමේ කටයුතු සිදුකිරීමේදී තම ජංගම දුරකතනයේ අදාල මුදල සටහන් කර ඕනෑම බැංකුවක LankaQR සක්‍රීය කේතය මගින් තත්පර 8-10 ත් අතර කාලයක් මෙම ගෙවීම සිදුකල හැකි බවයි පැවසෙන්නේ.