දේශීය

ඉදි කරමින් ති​බූ තට්ටු ගොඩනැගිල්ල නාය යයි

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.   

ගිනිගත්හේන ප්‍රදේශයට එක දිගට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200 ක් ප්‍රපාතයට නායගොස් තිබුණා.

ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවකු සිට නොමැති අතර, ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවති නිසා ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

කෙසේවෙත​ත් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් වැසි පතිත වෙමින් පවතිනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button