දේශීය

විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික මෙන්ම අමාත්‍යවරයකු වන ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම නඩුව අද (11) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙස අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button