දේශීය

දින පහෙන් සෑදූ තාවකාලික පාලම උත්සවශ්‍රීයෙන් විවෘත කරයි

මාතර නගරය සහා පරෙවි දූපත යා කෙරෙන කඩා වැටුණු පාලම වෙනුවට යුද හමුදාව මගින් ඉදිකරන ලද තාවකාලික පාලම ඊයේ (12) දින යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් විවෘත කරන ලදි.

ඉකුත් මාර්තු 4 වන දා කඩා වැටුණු පාලම වෙනුවට මෙම තාවකාලික පාලම යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් විසින් සාදා ඇත.

මෙම පාලම තාවකාලික ලෙස මාස 6ක් වැනි කාලයක් සඳහා ඉදිකළද, උත්සවයක් පවත්වා විවෘත කිරීම සමාජ මාධ්‍යයන් හී කතාබහට ලක් වී තිබුනා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button