දේශීය
ශීත කළ අහාර මිලදී ගන්නා විට විමසිලිමත් වන්න

ගුණාත්මකභාවයෙන් තොර ශීත කළ ආහාර වෙළෙඳපොළ පුරා අලෙවිවන බවට මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
දිවයින පුරා සිදුවන විදුලි කප්පාදුව මෙයට හේතුව බවත්, මීට පෙර පැය 7ක පමණ කාලයක් විදුලි කප්පාදුව සිදුවූ අතර එම කාලය අහාරවල ගුණාත්මකතාවයට ඍජු බලපෑමක් සිදුවන බවට එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
ගෙවුනු සති 2ක කාලය තුල ගුණාත්මකභාවයෙන් තොර වූ ශීත කළ ආහාර අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවටද උපුල් රෝහණ මහතා පවසා තිබෙනවා.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ ශීත කළ අහාර මිලදී ගැනීමෙදී විමසිලිමත් විය යුතු බවට ඒ මහතා පවසා ඇත.