ධාවනය වෙමින් තිබු බසයේ රියදුරු අසුනේදිම මිය ගිහින්
නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා වනවා.
ළිඳුල පොලීසිය පවසන්නේ, ඒ හේතුවෙන් එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි.
මෙලෙස ධාවනය වෙමින් තිබු බස් රථය තුළදි ම ජිවිතක්ෂයට පත් වි තිබුණේ නාවලපිටිය ලංගම ඩිපෝවේ 39 හැවිරිදි රියදුරෙක්.
නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ සේවයේ යොදවා තිබූ එම බස් රථය කාර්මික දෝෂයකට ලක්විම නිසා මගීන්ව වෙනත් බස් රථයකට මාරුකර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යළි නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට හදිසි රෝගි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ළිඳුල පොලීසිය වෙත දැනුම්දිමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් රියදුරු අසුනෙන් රියැදුරාව ඉවත් කර ඔහුව ළිඳුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.
රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි.