දේශීය

දඩුගම්ඔය ඉවුරට ගොඩගැසූ සූට් කේසයක තිබූ මළසිරුර රැකියා ඒජන්තයකුගේ

කිදිගොඩ ප්‍රදේශයේ දඬුගම් ඔය ඉවුරට ඉකුත් 15 දින ගොඩගසා තිබූ නිල් පැහැති ගමන් මල්ලක දමා තිබූ  පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුර මාරවිල ප්‍රදේශයේ පදිංචි රැකියා ඒජන්තවරයෙකුගේ බව පොලිසිය පවසනවා.

සීදුව පොලිසිය පවසන්නේ, මියගොස් ඇති පුද්ගලයා රැකියා සඳහා පුද්ගලයන් රට යවන බව පවසමින් විවිධ තරාතිරමේ පුද්ගලයින් රැසකගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවයි.

එමෙන්ම විවිධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පොලිස් ස්ථාන ගණනකට පැමිණිලි ලැබි ඇති බවද  පොලිසීය සඳහන් කරනවා.

මෑත කාලයේ ඔහු රට රැකියා ලබා දෙන බව පවසා තමන් විසින් රවටන ලද පුද්ගලයින්ට බියෙන් තම පදිංචි ප්‍රදේශයෙන්ද පලා ගොස් සිටි පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

දඬුගම් ඔය කිදිගොඩ  පාලම යටට ගමන් මල්ලක බහා ගොඩා තිබූ මළසිරුරේ හිස සහ තවත් තැන් වල පහරදීමකින් ලද බරපතළ තුවාල දක්නට ලැබුණ බවත්, වයස 35 ක් පමණ විය හැකි දිගු කොන්ඩයක් සහිත මිය ගොස් ඇති පුද්ගලයා දුඹුරු පැහැති කලිසමක් හා කලු‍ පැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button