දේශීය

කොටස් වෙළෙඳපොළ පාසල් පොතට

කොටස් වෙළඳපොළ ආයෝජනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී  රැස්වුණා.

මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ  ප්‍රධානී​න් එදින එම කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටියා.

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී කාරක සභාවේ  අවධානය යොමුවුණා.

ඊට සහභාගිවූ නිලධාරී​න් පෙන්වා දුන්නේ, කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා ක්‍රියාකාරීව සම්බන්ධවන ආයෝජකයන් සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවයි.

මෙහිදී  රටේ දළජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවද නිලධාරීන් අමතමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button