දේශීය
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අඟවයි

විෂය භාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග අද පැවැති සාකච්ඡා අසාර්ථක බවයි.
පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති.
මෙම ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටියේ.
එමෙන්ම තම ගැටලුවට විසදුම් ලබාදීම සදහා එම සංගමය රජයට පැය 48 ක කාලයක් ලබාදී තිබුණා.