ව්‍යාපාරික

සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමෙන් ”සිංහරාජ තෛලය”

විශ්වකර්ම මහා හෙළ වෙදකම් සම්ප්‍රදායේ සුවිශේෂී පාරම්පරික උරුමය රැගෙන එය නූතන තාක්ෂණය හා මුසුකරමින් වර්තමානයට රැගෙන එන වෙල්ලස්සේ මහා වෙද මැදුර වන සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමේ නවතම ආයුර්වේද නිෂ්පාදනය වන ”සිංහරාජ තෛලය” එළි දැක්වීම පසුගියදා වැල්ලවායේදී සිදුකෙරුණා.
එහිදී සිංහරාජ හෙළ ඔසු කළමනාකාර අධ්‍යක්ෂක ඩිලාන් වීරසේකර විසින් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කුමාරසිංහ වීරසේකර වෙදදුරුතුමන් වෙත ”සිංහරාජ තෛලය” නව නිෂ්පාදනය නිල වශයෙන් ලබා දෙනු ලැබුවා.

වෙල්ලස්ස ප්‍රදේශයේ පාරම්පරික වෙද පරම්පරාවක් වන වීරසේකර පරපුරේ කුමාරසිංහ වීරසේකර දේශීය වෙදැදුරුතුමගේ මග පෙන්වීම මත පාරම්පරික වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කරනු ලබන ”සිංහරාජ තෛලය” මගින් ආතරයිටිස් ඇතුළු හන්දි රෝග,හිරිය, වාත රෝග, සියලු කැක්කුම් වේදනා සඳහා විශ්මිත විසදුම් ලබා දෙනවා.දේශීය වෙදකමේ ජීව ගුණය රැකගනිමින් සෞ සෞඛ්‍යාරක්ෂිතව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරනු ලැබූ සිංහරාජ සිංහරාජ තෛලය ඉදිරියේදී පාරිභෝගික ඔබට සාමාන්‍ය වෙළදසැල් සහ සුපිරි වෙළදසැල් මගින් ලබාගත හැකි වනවා.

සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගමේ නවතම නිෂ්පාදනය එලි දැක්විම අවස්තාව සදහා කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්,යුදගනාව හා දෙමටමල් රජ මහා විහාරාධිපති හිමිවරුන් සමගින් මොනරාගල දිස්ත්‍රික් ලේකම්තුමා, ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල පිරිසක් එකතු වුණා.

100 % දේශීය සමාගමක් වන සිංහරාජ හෙළ ඔසු පුද්ගලික සමාගම වැල්ලවාය ප්‍රදේශයේ සැමට රැකියා අවස්ථා ලබා දෙමින් ජනජීවිතය නගා සිටවීමට උර දෙමින් සිය මෙහෙවර ඉටුකරනු ලබනවා. කේෂාසිංහ Hair oil, සුවද කූරු සහ තවත් රූපලාවන්‍ය නිෂ්පාදන රැසක් ඉදිරියේදී පාරිභෝගික ඔබ වෙනුවෙන් ලබා දීමට සිංහරාජ හෙළ ඔසු සමාගම සූදානමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button