ක්‍රීඩා

පන්දුව හිසේ වැදුණු ජෙරමි සොලෝසානෝ වෙනුවට ෂයි හෝප් කොදෙව් කණ්ඩායමට කැඳවයි

මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එල්ලකළ පහරක් හිස් ආවරණයේ වැදීමෙන් රෝහල් ගත කළ ජෙරමි සොලෝසානෝ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පළමු ටෙස්ට් තරගයට කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසර හිමිව තිබේ.

ඒ “කොන්කෂන් සබ්” අවස්ථාවක් ලෙසයි.

ඒ අනුව රෝහල් ගත කර සිටින ජෙරමි සොලෝසානෝ වෙනුවට ෂයි හෝප් යෙදවීමට සංචාරක කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ.

තරගයේ පළමු දිනය වූ ඊයේ පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටි ජෙරමි සොලෝසානෝව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button