ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

මේ සතිය තුළ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි.
හෙට (20) සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර, අනිද්දා දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
මේ අතර හෙට රැස්වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම මේ සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත නැගෙනහිර පළාත් සභාවේ නිලධාරීන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) සහ එළඹෙන 21 වන දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බවයි.