දේශීය

ජනතාව වෙනුවෙන් සක්විති රජකමට උනත් එන්න ලෑස්තියි – මිහින්තලේ හිමි

ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් වන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ, පක්ෂය ගන්නා තීරණකට එකඟවන බවත්, රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපතිකමට හෝ නොව රටේ ඕනෑම තැනකට යාමට සූදානම් බවයි.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණෙට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ජනතාව විශාල වශයෙන් ඉල්ලුම් කරන බවත් උන්වහන්නේ පවසනවා.

ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් පවසන උන්වහන්සේ පවසන්නේ පරම්පරා ගාණක් මේ රට පාලනය කරන්නේ එකම කණ්ඩාමක් බවයි.

එම නිසා මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත් උන්වහන්නේ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button