රත්නපුර පළාත් පාලන ආයතනවලට ලංවිමෙන් රතු නිවේදන

රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් වීදී ලාම්පු සඳහා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම හේතුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
රත්නපුර මහ නගර සභාවට වීදී ලාම්පු සදහා රුපියල් ලක්ෂ 38ක විදුලි බිලක් මාසිකව ලැබෙන බව සඳහන්.
ඒ අනුව, හිඟ බිල්පත් ගෙවෙන ලෙස මෙවර විදුලිබිල්පත සමඟ රතු නිවේදනයක්ද යොමුකර ඇති බව වාර්තා වනවා.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසුවෙ, රත්නපුර මහා නගර සභාව මෙන්ම බලන්ගොඩ, ඇඹිලිපිටිය නගර සභා ද, සෙසු පළාත් පාලන ආයතනද මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර පළාත් පාලන ආයතනවලට මෙම මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බැවින් වීදි ලාම්පුවල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දුන් බවයි.
විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවත්, විදුලි පහන් මඟින් සිදු වන්නේ ජනතාවට සේවයක් බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.