දේශීය

රනිල් පොහොට්ටුවෙන් ජනපති සටනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ    ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා මුල් වී සිටින බවයි.

ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු බාරගෙන ඇති අතර,මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සහ අගමැති ව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකු ද රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රචාරක මෙහෙයුමට සම්බන්ධ කරගෙන ඇති බවයි එම ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

මේ අතර, ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවත් ආණ්ඩුවේ තනතුරු දරන පොහොට්ටුවේ මැති ඇමතිවරුන් වැඩිදෙනකු මේ වන විට දේශපාලන වශයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බව ද නම හෙළි කිරීමට අකමැති, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button