දේශීය

සමාව ගන්න ඕනේ ජාතිවාදය අවුස්සපු රනිල් – අනුර

සතුරන් සියලු දෙනා දේශපාලන තර්ක වෙනුවට අසත්‍ය අවලාද, විකෘති කිරීම් විශාල ප්‍රමාණයක් ප්‍රචාරය කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

​උතුරට ගොස් ජාතිවාදය ඇවිස්සීමට රනිල් වික්‍රමසිංහ දැරූ උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත්, එබැවින් ඒ පිළිබඳව සමාව ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවයි ඔහු පවසන්නේ.

කැත අයුරින් දේශපාලනයේ යෙදී ජාතිවාදය වැපිරීමට උත්සාහ නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවසන බවද ඔහු පවසනවා.

ලංකාවේ මෙතෙක් කාලයක් දෙපැත්තට හුවමාරු වෙමින් තිබූ දේශපාලන බලය සැප්තැම්බර් 21 වැනිදා අවසන් කරලීම නියතයක් බවට පත්ව ඇති බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button