විදෙස්

ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලූ ලන්ඩනයේ විරෝධතා ප්‍රචණ්ඩ අතට

ඊශ්‍රායල හමුදාවෙන් එල්ල වන රොකට් ප්‍රහාරවලට ගාසා තීරයේ පලස්තීන ජනතාව ගොදුරු වීමට එරෙහිව බ්‍රිතාන්‍ය පුරා සිටින පලස්තීන හිතවාදීන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට රැස්වී විරෝධතාවක නිරතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය මෑත කාලයේ යුරෝපයේ පැවැති විශාලතම විරෝධතාව ලෙස සැලකෙන අතර, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා මෙම විරෝධතාව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, විරෝධතාව අතරතුර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිස් පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් බවත් විරෝධතාකරුවන් 126 දෙනකු අත්අඩංගුවට පත්වී ඇති බවයි.

ලන්ඩන් නුවර සාමය කඩ කරමින් පැවැති විරෝධතාව හමාස් සංවිධානයේ අනුගාමිකයන් විසින් සිදු කළ බවත්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෙළා දකින බවටත් බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button