දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට සහ යු ටියුබ් නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක්

යුද හමුදාපති විකුම් ලියනගේ මහතාට අපහාසාත්මක වන ආකාරයේ  අසත්‍ය , අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ  නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම, බෙදා හැරීම වළක්වමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා එම යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත් කර තිබෙනවා.  

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ 24 වන වගන්තිය ප්‍රකාරව(සමාජ මාධ්‍ය පනත යටතේ) තමන්ට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ හා ප්‍රකාශ  නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් මුදා හැරීමේ චෝදනා මත යුද හමුදාපතිවර​යා විසින්   අධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව යුද හමුදාපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහ​තා විසින් යූ ටියුබ් නාලිකාවකට සහ එහි හිමිකරුට මෙම ආඥාව නිකුත් කරනු ලැබුවා.

එහි​දී දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසටද විත්තිකරුවන්ට නියෝග කර තිබෙන​වා.

ලංකා වි නිවුස් වෙබ් අඩවියට සහ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකුට මෙම ආඥාව නිකුත් කළ අතර  ඇමරිකාවේ  යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමට අදාල නියෝග සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමටද නියෝග කළා.

එහිදී එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ පැමිණිල්ලට කරුණු දැක්වූ නීතිඥ සිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම අසංසාත්මක හා අපකීර්තිමත් ප්‍රකාශ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button