දේශීය

බන්ධනාගාර වෑන්රියක වන අලියෙකු ගැටීමෙන් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබු බන්ධනාගාර වෑන් රථයක අද (22) පෙරවරුවේ වන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදීයි.

වන අලියා වෑන් රථයේ ගැටීමෙන් පසු රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු තාප්පයක ගැටී ඇති බව සීගිරිය පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාව වන විට බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ රියදුරෙකු වෑන් රථයේ සිට තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි කේ .එම් . ප්‍රියන්ත කුලතුංග පෙරේරා නැමැති 44 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙක්.

වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් බන්ධනාගාර නියාමකවරයා මෙලෙස මියගොස් ඇති අතර අනෙක් බන්ධනාගාර නියාමකවරයා සහ රියදුරුට බරපතල තුවාල සිදුව නැහැ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට මඩකලපුව බන්ධනාගාරය වෙත රැඳවියෙකු රැගෙන ගොස් භාර දී යළි කොළඹ බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ සිරුර දඹුල්ල මූලික රෝහල තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button