දේශීය

නව සිසුසැරිය බස් 500 ක් ධාවනයට යෙදවීමේ සූදානමක්

මේ වසර තුළ නව සිසුසැරිය බස් රථ සේවා 500ක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 202ක මූල්‍ය ප්‍රතිපාදන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අරමුදලින් වෙන් කර ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනටි අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින ආර්ථීක තත්වය මත පීඩාවට පත් දෙමාපියන් මෙන්ම පාසල් විසින් සිසු සැරිය සේවාව සඳහා වැඩි වශයෙන් ඉල්ලිම් සිදු කර ඇති බැවින් එම සේවාව ඉහළ නැංවීමටයි යෝජනා කර ඇත්තේ.

2005 වසරේ ආරම්භ වූ සිසු සැරිය යටතේ බස් රථ සේවාවන් 1537ක් මේ වන විට ක්‍රියාත්මක අතර දිනකට පාසල් සිසුන් ලක්ෂයක් පමණ ඉන් ප්‍රවාහන පහසුකම් සැපයෙනවා.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියාව විසින් නොමිලේ ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිත ගිලන්රථ 95ක් 1990 සුව සැරිය ගිලන්රථ සේවාවට ලබා ගැනීම සඳහාද කැබිනට් අනුමැතිය හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button