දේශීය

වතු කම්කරුවෝ වැටු​ප් ඉල්ලා ​‍විරෝධතාවය​ක

ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වුවා.

එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සහ කළ අවස්ථාවේ​දී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවුණා.

පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර එහිදී පියවර ගෙන තිබුණා.

එම විරෝධතාකරුවෝ පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්වූවා.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායාරූප සහ විරෝධතා පුවරු ගෙ​න පුළුස්සා දැඩි ලෙස විරෝධය පලකළා.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button