දේශීය

නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිමට එරෙහිව වතු කම්කරුවන් විරෝධතාවයක

හැටන් – වටවල – රොසැල්ල – කුයිල්වත්ත ප්‍රදේශයේ රුපියල් බිලියන 04ක නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ආරම්භ කිරිමට එරෙහිව වටවල – රොසැල්ල ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් එක්ව පසුගියදා (16) හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල – කුයිල්වත්ත ප්‍රදේශයේ නිහඩ විරෝධතාවයක නියැලුණා.

එම ප්‍රදේශයේ නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිමට ප්‍රථම ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් මහජන විරෝධතා කැදවිම සදහා ග්‍රාමසේවා කාර්යාලයේ දැන්විමක්ද පලකර තිබුණා.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ, ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිවි සිටින තම ප්‍රජාව ඉලක්ක කරගෙන නව සුරාබදු බලපත්‍රයක් නිකුත් කිරිම නිසා තමන් තවත් ආර්ථික වශයෙන් පිඩාවට පත් වන බවයි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කිරිමට කටයුතු කරමින් සිටින බවත්, එම ස්ථානයේ සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කලහොත් තම දරුවන්ද මත්පැන් පානයට හුරුවන බවත්,  විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් වැඩිදුරටත් සදහන් කළා.

නව සුරාබදු බලපත්‍ර ස්ථානයක් ස්ථාපනය කිරිමට තමන් කිසිසෙත් ඉඩ ලබානොදෙන බව, වතු කම්කරුවන් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button