දේශීය

දුරකථන ඇමතුම් ගාස්තුත් අද සිට ඉහළට

විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, 11.25% ව පැවති විදුලි සංදේශ බද්ද 15% ක් දක්වා ඉහළ නැංවෙන බව එම කොමිසම පැවසීය.

මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ නැංවෙයි.

ඊට අමතරව 8%ක්ව පැවති එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 12 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් දුරකථන බිල්පත් ගාස්තු 08%කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.

කෙසේවෙතත් අන්තර්ජාල ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බලනොපාන අතර වැට් බද්ද අනුව එම ගාස්තු සියයට 4කින් ඉහළ යයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button