දේශීය
ගෑස් බෙදාලා ඉවරයි. ආයෙත් 5 වෙනදායින් පස්සේ එන්න – ලිට්රෝ කියයි

අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවට දැනුම් දෙයි.
පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්රකාශ කර තිබේ.
යළි ගෑස් මෙටි්රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට ළගා වන්නේ අනිද්දා (05) දිනයේදි යි.
ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අඟහරුවා දා සිට සිදු කළ හැකි බවයි එම සමාගම සඳහන් කළේ.