දේශීය
විදුලි ගාස්තුව 30%කින් අඩු කරන්නැයි දැනුම් දීමක්

විදුලි ගාස්තුව 30%කින් අඩු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඊයේ (04) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විදුලි ඉල්ලුම අඩුවීම, ඩොලරයේ අගය පහත වැටීම සහ ඉන්ධන මෙන්ම ගල් අඟුරු පිරිවැය අඩුවීම සැළකිල්ලට ගෙන විදුලි ගාස්තුවද අඩු කළ යුතු බවයි.
එසේම 2022 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 3 තුළ දී විදුලි ඉල්ලුම 18%කින් අඩුවී ඇති බව ද ඔහු සඳහන් කළා.