දේශීය

වැඩවර්ජනයක් ගැන දැනුම්දීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ එය ලබන අඟහරුවදා (18) දක්වා තාවකාලිකව අත්හිටුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමග සාකච්ඡාවේ දී අපේ ඉල්ලීම් වලින් යම්කිසි කොටසකට සාධනීය පිළිතුරු ලැබුණා. නමුත් උසස්වීම් සහ අනෙකුත් කාරනා පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි වූ නිසා  වැඩ බලන අමාත්‍යවරයා මේ අවස්ථාවට පැමිණිලා අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා පිළිගත්තා දෙපාර්තමේන්තුවෙන් යවපු කැබිනට් පත්‍රිකාව සහ අමාත්‍යංශයෙන් ‍යොමු කරපු ලිපිය අතර පරස්පරතාවයක් නිසා තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කියලා. එක නිවැරදි කිරීම අඟහරුවාදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව රැස්වෙන මොහොතේ දී  අනුමැතිය ලබාදීලා අවශ්‍ය කටයුතු කරන පොරොන්දුව ලබා දුන්නා. සමස්ත දුම්රිය සේවයේ ප්‍රශ්න විසඳන්නේ නැතිව කොටස් කොටස් ගෙනයාමෙන් ඇති වු ගැටලු තමයි මේවාට මූලික වෙලා ති‍යෙන්නේ. අපි හිතනවා සුබවාදි පිළිතුරක් ලබා දෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button