දේශීය

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නොමැතිවීම හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තාවන ඔමික්‍රෝන් නැමැති කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය යනු නැවත ආසාදනය විය හැකි ප්‍රභේදයක් බවත් එය දැනට භාවිතයේ ඇති එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක් බවත් ඒ මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button