දේශීය

මෙරටට පැමි​ණි සංචාරකයන් ලක්ෂ 10 ඉක්මවයි

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10  සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

අද (29) පස්වරු​වේ එම සීමාව ඉක්මවූ බවයි වාර්තාවන්නේ.

ඒ අනුව 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණු අතර ඔහු සමග පැට්‍රීෂියා රෝයි නම් කාන්තාව ද පැමිණ තිබුණා.

ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button