දේශීය
මැකෝ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වනු ඇති.
මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන සතියේදී සිදු කරන බව රත්නායක මහතා පවසනවා.
ඒ කෙටුම්පත වෙබ් අඩවියට මේ වන විටත් ඇතුළත් කර ඇති බව කොමිෂන් සභාව පවසනවා.