දේශීය
සේනා දළඹු බලපෑමෙන් බඩ ඉරිඟු වගාව අවදානමක

සේනා දළඹු හානිය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත්ව ඇති බව වාර්තා වනවා.
බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේදී මීට පෙර සේනා දළඹු හානිය ඇති වුවද මෙවර කන්නයේදී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් පමණ වනවිට මෙම සේනා දළඹු හානිය පැමිණ ඇති බව ගොවීන් පවසනවා.
බඩ ඉරිඟු ගොවීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසර කිහිපයක සිට බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානිය ඇති වූ බවත්, මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී අදාළ බලධාරින් දැනුම්වත් කළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු කිසිදු ආයතනයක් ඊට පිළියම් ලබානොදුන් බවයි.