දේශීය
වාහන ආනයනය ගැන ගත් අලුත්ම තීරණයක්

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (02) පැවති කැබිනට් රැස්වීමේදීයි.
එමෙන්ම එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවන බව අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 – 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරී ට අනුමැතිය හිමි වුණා.