දේශීය

ප්‍රාදේශීය ලේක​ම් කොට්ඨා​​ස 11කට නාය යාමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ  ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11කට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද ( 08) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය බුලත්සිංහල,මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , කලවාන, කුරුවිට, කිරිඇල්ල, අයගම , ඇලපාත සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.

ජාතික  ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය පවසන්නේ මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨා​​ස සඳහා පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button