විදෙස්

ජපානයේ ආගමික නායක ඉකේඩා මෙලොවින් සමු ගනී

ජපානයේ ආගමික නායක ඉකේඩා මෙලොවින් සමුගෙන තිබෙනවා.

ජපානයේ බලවත් ආගමික සංවිධානයක් වන ‘සෝකා ගක්කායි‘ සංවිධානය හරහා බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් එම සංවිධානයේ හිටපු නායක ඩයිසාකු ඉකේඩා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිය යන විට 95 හැවිරිදි වියෙහි පසුවූ ඉකේඩා දශක ගණනාවක් පුරා ජාත්‍යන්තර වශයෙන් සාමාජිකයන් මිලියන 12ක් පමණ එක්රැස් කර ගැනීමට සමත වූ ආගමික නායකයකු බවද සඳහන්වනවා.

එවකට චීනයේ අගමැතිෂූ එන්ලායි සහ සෝවියට් නායක මිහායිල් ගොර්බචව් වැනි ලෝක ප්‍රකට රාජ්‍ය නායකයන් සමඟ සමීපව ඇසුරු කළ අතර, ඔහුගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සඳහන් කර ඇත්තේ ඔහු ජපානයේ සහ විදේශයන්හි සාමය, සංස්කෘතිය සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button