ක්‍රීඩා

දසුන් ශානකට IPL වරම්

2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

විලියම්සන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති ආරම්භක තරගයේදී දණහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහුට පන්දුවට පහර දීමට නොහැකි වීම නිසා පසුව ඔහු තරගාවලියෙන් ඉවත් වී සිය රට බලා පිටත් ගොස් තිබුණා.

මින් පෙර කිසි දිනෙක IPL තරඟාවලියට සහභාගී නොවූ ශානක ඔහුගේ මූලික මිල වන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button