විදෙස්

ඉන්දීය රාමේස්වරන් ධීවරයෝ වර්ජනයක

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරණ ලෙස ඉල්ලමින් රාමේස්වරන් ධීවරයෝ 16දා සිට වර්ජනයක නිරත වී සිටින බව සඳහන්  කරනවා.

ඉන්දීය රාමේස්වරන් ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී ඔවුන්ගේ යාත්‍රා වෙරළේ නවතා මෙම වර්ජනය දියත් කොට තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 13වැනිදා රාත්‍රියේ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 8 දෙනෙකු  රාමේෂ්වරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඉතිරි 9 දෙනා පුදුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි  ධීවරයන්.

මෙම ධීවරයින් පැමිණි යාත්‍රා පහක් නාවික හමුදා භාරයේ ඇති අතර රාමේස්වරන් ධීවරයෝ ඔවුන්ගේ වර්ජනය තුළින් ඉල්ලා සිටින්නේ එම යාත්‍රාද නිදහස් කරන ලෙසයි.

2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 110 දෙනෙකු හා ඔවුන්ට අයත් යාත්‍රා 7 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින්ගෙන් නඩු විභාග කළ පිරිස නිදහස් කරන ලද නමුත් ඔවුන්ට අයත් යාත්‍රා නිදහස් නොකළ බවද රාමේස්වරන් ධීවරයෝ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button