ශ්‍රී ලංකාව සමග සිදුකළ සාකච්ඡා ඵලදායී බව IMF කියයි

ලෝක බැංකුව විසින් මෙරට අර්බුදය සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (23) ශ්‍රී ලංකාව ණය ඉල්ලීම සම්බන්ධයෙන් “ඵලදායී තාක්ෂණික සාකච්ඡා” පැවැත්වූ බවට ප්‍රකාශ කර තිබෙන බව රොයිටර් පුවත් සේවය පවසනවා.
ලෝක බැංකුවෙන් ලබා දෙන හදිසි ආධාර පැකේජයට ඩොලර් මිලියන 10 ක් ඇතුළත් වන අතර එය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ලබා දෙන බවද එම මුදල් දැනට ක්‍රියාත්මක වන COVID-19 සෞඛ්‍ය සූදානම් කිරීමේ ව්‍යාපෘතියක අරමුදල් වලින් යොදවන බව ලෝක බැංකු ප්‍රකාශකයෙක් පැවසා තිබෙනවා
IMF සමග සාකච්ඡා කළ ලෝක බැංකුව තවමත් ඔවුන් ලබා දෙන පූර්ණ අධාරය පිළිබඳව කිසිවක් පවසා නැති නමුත් මුදල් ඇමතිවරයා සඳහන් කර ඇත්තේ එය ඩොරර් මිලියන 500ක් පමණ වනු ඇති බවයි.
මෙම පූර්ණ ආධාරය බැංකු මූල්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රයෝජනයට ගත හැකි ලෙසත්, ඖෂධ මිලදී ගැනීම, පාසල් ළමුන් සඳහා ආහාර සහ දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පවුල් සැලකිල්ලට ගනිමින් සපයන බව ලෝක බැංකු ප්‍රකාශක පවසා තිබේ.