දේශීය
පොහොට්ටුවට ආවොත් රනිල්ට ජනපති අපේක්ෂකත්වය දෙන්න බලන්නම් – සාගර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව, එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි .
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා නිසි වේලාවේ දී අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත්, සිය පක්ෂයෙ ලකුණ වන පොහොට්ටුව ලකුණ යටතේ එම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.