සජිත් ගැන කලකිරිලා මාන්නප්පෙරුම බෑ කියලා
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා.
ඒ මහතා පවසන්නේ, තමා ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය ගනු ලැබූ අධූරදර්ශී ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙවර මැතිවරණ සටනින් ඉවත්වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම :
“මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.
මම විශේෂයෙන්ම කියනවා සමගි ජන බලවේගය සමග තවදුරටත් ක්‍රියාකරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චික කරන්න එපා කියලා මම ඉල්ලනවා. මොකද සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නායකයා ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මට නොමිනේෂන් අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා. එය මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා.